Monday, March 21, 2011

මූණුපොතෙන් සෙවිය හැකිද සැබෑ මිතුරන්?


අනේ මෝඩ යකුනේ...

එහෙන් මෙහෙන් 
ඇප්ලිකේෂන් හොයාගෙන
ඒකෙන් උඹේ හොඳම යාළුවෝ කියලා
එක දෙක තුන විදිහට යාළුවන්ව
පොටෝවලට ටැග් කළාට

මොකක් හරි මඟුලක් හොයන් ඇවිත්
වෝල් එකේ කුරුටු ගාලා
ඔයා මගේ හොඳ යාළුවෙක් නම්
මමත් ඇතුළුව
තවත් ඔයාගේ හොඳම යාළුවෝ
දහ දෙනෙක්ගේ වෝල් වලත් 
මේකම කුරුටු ගාපන් කිව්වට

තමන්ගේ හොඳම යාළුවෝ 
හොයාගන්න පුළුවන් වෙයිද
ඔයවගේ මෝඩ වැඩ වලින්?

පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා
හදිස්සියකදී, කරදරේකදී
ඔය එක දෙක තුන වැටුනු උන්ද
උඹේ ලඟින් ඉන්නේ කියලා...........


ප.ලි: මේක මම ලිව්වේ මගේ යාළුවෙක් මූණුපොතේ කඩ්ඩෙන් ලියල තිබ්බ අදහසක් පොඩ්ඩක් වෙනස් කරලා. එයාගෙන් අවසර අරගෙනයි ලිව්වේ. මේ තියෙන්නේ එයාගේ අදහස.

if you need applications like "Friends Who Always Be There For Me " , "Friends who love me the most", "My best Friends" or "My Top Fans".....and bla blaaaa to recognize your true friends..... then my friend you are "AN ASSHOLE........"..... coz how dumb wld u be f u believe tht a F**king computer application can show your true friends..... ? (මේකේ වචන ටිකක් සැර වැඩිද මන්දා)

22 comments:

  1. ඇත්ත මල්ලි.. හොඳ යාලුවෝ කියලා පෙන්නගෙන ඉන්න ගොඩාක් අය කරදරේකදී ලඟ නෑ.. ඒක මං අත්දැකීමෙන් දන්නවා..

    ReplyDelete
  2. ඇත්ත... සැබෑ යාලුවෝ නෑ

    ReplyDelete
  3. අම්මෝ ........ ටිකක් සැර වැඩීනම් තමයි පූසෝ ....... FB එකෙන් හොඳම ‍යාලුවො හොයා ගන්න බැරි කමකුත් නෑ ..... ඒත් සමහර උන්නම් හොඳයාලු වෙස් අරගෙන හිවල්ලු බන් පූසෝ .....

    අනේ මන්දා ........... මටනම් FB එකෙන් හොඳ යාලුවො 2ක් 3ක් විතර මුණගැහුනා.....ඒ කිව්වෙ හොඳම... :)

    ඇප්ලිකේෂන් වලටනම් මගේ කිසි මනාපයක් නෑ .... ඒවයෙන් වෙන්නෙ බොරු මවා පෑමක්..... like 1ක්,comment 1ක් දැම්ම පලියට කොහොමද මන්දා හොද යලුවො වෙන්නේ......:-/ :-/

    ReplyDelete
  4. අනේ... ඔව්...
    මාතෘකාව දැක්කම හිතුනෙ මගේ සීන් එක ගැන ලියල කියල.. හික් ය...
    අනේ ඉතින් තරහ මරහ අමතක කරල දාල අන්බ්ලෝග් කරහන්කො....

    ReplyDelete
  5. ඇත්ත යාළුවා එ කතාවනම්...

    ReplyDelete
  6. හික්ස්.. සිරාවට... මරු කතාව... :D

    ReplyDelete
  7. එකගයි.. හොදම යාලුවෝ අහසින් පාත් වෙන්නේ නැ... එක කොමෙන්ට් එකකින්, ලයික් එකකින් එහෙම යාලුවෝ වෙන්න බැ..හුගාක් අය වාසියට තමයි ඉන්නේ... එ අතරින් හොද අයත් ඉන්නවා...එත් විශ්වාස කරන්න පුලුවන් ඉඩ අඩුයි...

    ReplyDelete
  8. පූස්... උඹටත් මොලේ ජුංඩක් තියෙනවා නේද බං... 8-}

    ReplyDelete
  9. ඇත්තම කිව්වොත් මටනම් මූණු පොත හ‍රහා ඉතාමත් හොද පුද්ගලයින් හමු වෙලා තියෙනවා. ඒක තියෙන්නෙ නමුන් අතේ කියලයි මටනම් හිතෙන්නෙ. මොකද තමන් අනිත් අයව ඇසුරු ක‍රන්නෙ කොයි ආකාරයෙන්ද කියලා තීරණය ක‍රන්නෙ තමුන්. රිමෝට් එක අතේ තියාගෙන ටීවී චැනල් එකකට බැන බැන ඉන්න එක තේරුමක් නෑනෙ බන්.. :D

    ReplyDelete
  10. සහතික ඇත්ත මචෝ..

    ReplyDelete
  11. ඕකනේ මම මූනු පොතේ නැත්තේ !

    හැබැයි බං හොඳ කොල්ලොත් එකෙක් දෙන්නෙක් නැතුවමත් නෙවෙයි . මූනු පොතේ ඉන්න අයගෙන් හොඳම ප්‍රෙඩා තෝරගන්න මෙහෙම කරන්න . ඉන්න යාලුවෝ ඔකෝටම සල්ලි කීයක් හරි ඉල්ලලා මැසේජ් කරපං . සල්ලි දුන්න එකා යාලුවා ! (මේ මගේ අතේනම් සල්ලි නෑ මේ දවස් වල)

    ReplyDelete
  12. සීයට සීයක් එකඟයි පූසෝ

    ReplyDelete
  13. අපෝ සහතික ඇත්ත. හොඳ යාළුවෙක් හොයන එක හරිම අමාරු දෙයක්. හොඳ යාළුවා කියන්නේ කරදරයකදි දුකකදිත් අපි ළඟ ඉන්න කෙනාට, අපිව අපේ සියළුම වැරදි දුර්වලතාත් එක්කම පිළිගන්න කෙනාව. ඒ වගේම තමයි මුළු ලෝකෙම වෙන පැත්තක් ගන්න වෙලාවෙදිත් අපේ පැත්ත ගන්න කෙනාව. අපිව කවදාවත් මොන දෙයක් නිසාවත් වැරදි දේකට නොපොළඹවන කෙනාව. වැරැද්දක් දැක්කම මුළු ලෝකෙම හරියි කිව්වත් අපි එයාව අතහරී කියලා හිතුනත් පෙන්නල දෙන කෙනාව.... මේ විදිහට තව ගොඩක් තියෙනවා.
    හොඳ යාලුවෝ මූණු පොතේ හොයන්න යන එක අවදානම් වැඩක්.

    ReplyDelete
  14. @ හසී: හ්ම්ම් ඒක තමයි අක්කේ......

    ----------------------------------------------------------------------------------------------------------

    @ නෙරංජි: හි හී :D

    ----------------------------------------------------------------------------------------------------------

    @ Nadun: නෑ බං මම මේ කිව්වේ මූණූපොතේ ඇප්ලිකේෂන් ගැනයි සමහරු කරන මෝඩ වැඩ ගැනයි. :)

    ----------------------------------------------------------------------------------------------------------

    @ ටිං: සැර වුනත් කතාව ඇත්තනේ බං ;)

    ----------------------------------------------------------------------------------------------------------

    @ Dinesh: :)

    ----------------------------------------------------------------------------------------------------------

    @ Dileepa: :)

    ----------------------------------------------------------------------------------------------------------

    @ චතුවා: :D ;)

    ReplyDelete
  15. @ නිම්ශා: සහතික ඇත්ත නංගී :)

    ----------------------------------------------------------------------------------------------------------

    @prasanna: එහෙමද බං? :-o

    ----------------------------------------------------------------------------------------------------------

    @ අනුරාධ: ඕං උඹ හරියට කියවලා නෑ. මම කිව්වේ නෑ නේ මූණුපොතෙන් හොඳ යාළුවෝ හොයන්න බෑ කියලා. මම කිව්වේ මූණුපොත් ඇප්ලිකේෂන් වලිනුයි වෙන මෝඩ වැඩ වලිනියි හොඳම යාළුවෝ හොයන්න බෑ කියලා. :p

    ----------------------------------------------------------------------------------------------------------

    @ කණියා: :)

    ----------------------------------------------------------------------------------------------------------

    @ සඳරු: හුටා ඕක කරන්න ගියොත් එක හොඳ යාළුවෙක්වත් නැතිවෙනවා මට :))

    ----------------------------------------------------------------------------------------------------------

    @ පිණිබිඳු: :)

    ----------------------------------------------------------------------------------------------------------

    ලකී: සහතික ඇත්ත අක්කේ :)

    ReplyDelete
  16. මූණුපොතේ නෙවෙයි බං, ඇත්තටම ආස්සරේ කළත් කොච්චර කල් යනවද මිනිහෙක්ව අඳුරගන්න? හොඳ නිර්මාණයක්

    ReplyDelete
  17. ගොන් ජෝකස් සහෝ. කවුද ගණන් ගන්නේ...?

    ReplyDelete
  18. ඔහොම කුලියට මිතුරන් ගන්න යන අයනම් බොහෝමයි. අර ඇප්ලිකේශනුත් මහ වදයක් අප්පා..

    ReplyDelete

ඔබේ අදහස් තමයි වටින්නේ. යෝජනා චෝදනා ඇතුලුව ඕනෑම දෙයක් සතුටින් බාරගන්නවා. මූණ නොපෙන්නා බණින්න anonymous පාවිච්චි කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...